ඔස්ට්‍රේලියානු ක්‍රිකට් ආයතනය වසරේ හොඳම ටෙස්ට් කණ්ඩායම නම් කරයි.

Sports News

ඔස්ට්‍රේලියානු ක්‍රිකට් ආයතනය දෙසැම්බර් 31 සිකුරාදා 2021 වසර සඳහා ඔවුන්ගේ හොඳම ටෙස්ට් සංචිතය නම් කරන ලදී. එම කණ්ඩායමේ නායකත්වය ශ්‍රී ලංකා ටෙස්ට් ක්‍රිකට් කණ්ඩායමේ නායක දිමුත් කරුණාරත්නට හිමිව ඇත. රෝහිත් ෂර්මා සහ දිමුත් කරුණාරත්න පෙළගැස්මේ ආරම්භක පිතිකරුවන් ලෙසින් කටයුතු කරයි.

ඕස්ට්‍රේලියානු ක්‍රිකට් ආයතනය නම් කල වසරේ හොඳම ටෙස්ට් සංචිතයට ඉන්දියානුවන් හතර දෙනෙක් ඇතුළත් වේ. එනම් රිෂාබ් පාන්ට් පසුගිය මාස 12 තුළ ටෙස්ට් ක්‍රිකට් පිටියේ සුවිශේෂී දස්කම් දැක්වූ ඉන්දියානු ක්‍රිකට් ක්‍රිඩකයා මෙම කණ්ඩායමට ඇතුළත්ව ඇත ඔහු බෝඩර්-ගවස්කර් කුසලානය ජයග්‍රහණය කිරිමට උපරිම දායකත්වය කණ්ඩායමට ලබා දුන්නේය. එමෙන්ම රවී අශ්වින් සහ අක්සාර් පටෙල් විශේෂඥ දඟ පන්දු යවන්නන් වශයෙන් මෙම කණ්ඩායම නියෝජනය කරයි.

පටෙල් මේ වසර මුලදී එංගලන්තයට එරෙහිව සිය මංගල ටෙස්ට් තරගයට සහභාගි වූ අතර මේ වන විට කඩුලු 5 බැගින් දවා ගනිමින් කඩුලු 36ක් දවාගෙන ඇත. අනෙක් අතට අශ්වින් තරග නවයකින් කඩුලු 54ක් ලබා ගත් අතර ටෙස්ට් ක්‍රිකට් පිටියේ හර්බජන් සිංගේ කඩුලු සංඛ්‍යාව ද අභිබවා යාමට ඔහු සමත් විය. කයිල් ජේමිසන්, හසන් අලී සහ ෂහීන් ෂා අෆ්රිඩි මෙම කණ්ඩායමේ විශේෂඥ වේගපන්දු යවන්නෝ වෙති.

ඔස්ට්‍රේලියානු ක්‍රිකට් ආයතනය නම් කල වසරේ හොඳම ටෙස්ට් කණ්ඩායම මෙසේ පෙළගැස්විය හැක රෝහිත් ෂර්මා, දිමුත් කරුණාරත්න (C), මාර්නස් ලබුස්චේන්, ජෝ රූට්, ෆවාඩ් අලාම්, රිෂාබ් පාන්ට් (Wk), රවී අශ්වින්, කයිල් ජේමිසන්, අක්සාර් පටෙල්, හසන් අලි, ෂහීන් ෂා අෆ්රිඩි යන ක්‍රිඩකයින් වේ.

 

Leave a Reply

Your email address will not be published. Required fields are marked *