2021 දී විශ්‍රාම ගිය ක්‍රිකට් ක්‍රීඩකයින්ගෙන් සැදුම්ලත් හොඳම සංචිතය

Sports News

2021එනම් පසුගිය වසර ක්‍රිකට් තරගාවලි බහුල වශයෙන් පැවැත්වූ වසරක් විය. ගිය වසරේ ක්‍රිකට් ලෝකයේ විශාල තරගමාලා සහ තරගාවලි රැසක් සිදුවුණා. පැවති විශාලතම තරගාවලිය තමයි මැදපෙරදිග පැවති ICC T20 ලෝක කුසලානය.

ප්‍රථම වරට ටෙස්ට් ක්‍රිකට් ලෝක ශූරයන් වූයේ නවසීලන්තය මංගල ලෝක ටෙස්ට් ශූරතාව දිනා ගැනීමත් සමඟය. එය ඉන්දීය ක්‍රිකට් ක්‍රීඩකයින්ටද අමතක නොවන වසරක් විය. ක්‍රිකට් පිටියේ බොහෝ සතුටුදායක අවස්ථා තිබියදී, ජ්‍යෙෂ්ඨ ක්‍රිකට් ක්‍රීඩකයින් ක්‍රීඩා ලෝලීන්ගේ හදවත් බිඳ දමමින් 2021වසරේ දී ක්‍රිකට් පිටියෙන් සමුගැනිමට තීරණ කරනු ලැබුවේය. බොහෝ ක්‍රිකට් ක්‍රීඩකයින් 2021 වසර ඔවුන්ගේ ක්‍රිකට් දිවියේ අවසන් දිනයක් ලෙස හැඳින්වූ අතර, 2021 දී විශ්‍රාම ගිය ක්‍රිකට් ක්‍රීඩකයින්ගෙන් සැදුම්ලත් හොඳම කණ්ඩායම මෙසේ පෙළගැස්විය හැක.

#1. ආරම්භක පිතිකරු යුගලය උපුල් තරංග සහ නාමන් ඕජා.

වමත් පිතිකරු උපුල් තරංග 2021 පෙබරවාරි 23 වැනිදා ජාත්‍යන්තර ක්‍රිකට් පිටියෙන් සමුගත්තේය. 36 හැවිරිදි ඔහු ශ්‍රී ලංකාව වෙනුවෙන් ජාත්‍යන්තර තරග 292 කදී ලකුණු 9,112ක් රැස් කළේය. ඔහු එක්දින සහ T20 තරඟ හයකට නායකත්වය දුන්නේය. ඉන්දීය කඩුලු රකින පිතිකරු නාමන් ඕජා 2021 පෙබරවාරි 15 ​​වැනිදා සිය ජාත්‍යන්තර ක්‍රිකට් දිවිය අවසන් කළේය. ඕජා අතිශයින් දක්ෂ වූ නමුත් ඔහුට ඉන්දියාව වෙනුවෙන් ක්‍රීඩා කළ හැකි වූයේ ජාත්‍යන්තර තරග හතරක් පමණි.

#2. මැදපෙළ පිතිකරුවන් ලෙස බ්‍රෙන්ඩන් ටේලර්(Wk), අස්ගාර් ඇෆ්ගන්(C) සහ ඒබී ඩිවිලියර්ස් කටයුතු කරයි.

හිටපු සිම්බාබ්වේ නායක බ්‍රෙන්ඩන් ටේලර් 2021 සැප්තැම්බර් මාසයේදී විශ්‍රාම යන බව නිවේදනය කළේය. ටේලර් තම රට වෙනුවෙන් තරග 284 කදී ජාත්‍යන්තර ලකුණු 9,938ක් රැස් කළේය. ඔහු උඩපන්දු 122ක් ලබා ගත් අතර කඩුල්ලට පිටුපසින් ස්ටම්ප් කිරීම් 31 ලබාගැනීමට සමත්විය. T20I ක්‍රිකට් ඉතිහාසයේ සාර්ථකම නායකයෙකු වන අස්ගාර් ඇෆ්ගන් ICC T20 ලෝක කුසලානයේදී ඔහුගේ ජාත්‍යන්තර ක්‍රිකට් දිවිය අවසන් කළේය. ඇෆ්ගන් සිය අවසන් තරගය නැමීබියාවට එරෙහිව ක්‍රීඩා කළේය.

#3. තුන් ඉරියව් ක්‍රීඩකයන් ලෙස රයන් ටෙන් ඩොස්චේට්, යූසුෆ් පතාන් සහ ඩ්වේන් බ්‍රාවෝ කටයුතු කරයි.

රයන් ටේන් නෙදර්ලන්ත ක්‍රිකට් කණ්ඩායමේ දක්ෂ ක්‍රීඩකයෙක් විය. වේග පන්දු යවන තුන් ඉරියව් ක්‍රීඩකයා එක්දින ඉනිම් 32 කදී ලකුණු 1,541 ක් රැස්කර ඇත්තේ සාමාන්‍ය 67 ක් ලෙසිනි. ඔහු ලකුණු 533 ක් සහ විස්සයි20 තරග 24 කදී කඩුලු 13 ක් දවා ගත්තේය. T20 ලෝක කුසලානයේ දී ඔහුගේ අවසන් තරගය ක්‍රීඩා කළේය.

2007 T20 ලෝක කුසලාන ජයග්‍රාහී කණ්ඩායමේ සාමාජිකයෙකු වූ යූසුෆ් පතාන් 2021 පෙබරවාරි 27 වන දින ඔහුගේ වෘත්තීය ජීවිතය අවසන් කළේය. තුන් ඉරියව් ක්‍රීඩකයා ඉන්දියාව වෙනුවෙන් ජාත්‍යන්තර තරඟ 79 කදී ලකුණු 1,046 ක් රැස්කරමින් කඩුලු 46 ක් දවා ගත්තේය. ක්‍රීඩා ඉතිහාසයේ වඩාත්ම සාර්ථක ක්‍රිකට් ක්‍රීඩකයෙකු වන ඩ්වේන් බ්‍රාවෝ 2021 T20 ලෝක කුසලානයෙන් පසු බ්‍රාවෝ ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාවෙන් සමුගත්තේ ලකුණු 6,423ක් සහ කඩුලු 363ක් ලබා ගනිමිනි.

#4. පන්දු යවන්නන් ලෙස හර්බජන් සිං, ඩේල් ස්ටේන් සහ ලසිත් මාලිංග කටයුතු කරයි.

ඩේල් ස්ටේන් සහ ලසිත් මාලිංග යුගලය විශ්‍රාමික ක්‍රිකට් කණ්ඩායමේ වේග පන්දු යවන්නන් වශයෙන් කටයුතු කරයි. ස්ටේන් දකුණු අප්‍රිකාව වෙනුවෙන් ජාත්‍යන්තර කඩුලු 699ක් දවාගත් අතර මාලිංග ශ්‍රී ලංකාව වෙනුවෙන් කඩුලු 546ක් දවා ගැනීමට සමත් විය. එහෙම හර්බජාන් සිං ඉන්දීය කණ්ඩායමේ සිටී දක්ෂ දග පන්දු යවන්නෙකි.

 

Leave a Reply

Your email address will not be published. Required fields are marked *