නැෂනල් සුපර් ලීග් එක්දින තරඟාවලිය ලබන 20 වැනිදා සිට ඇරඹෙයි

Sports News

නැෂනල් සුපර් ලීග් එක්දින තරගාවලිය ලබන 20 වැනිද ආරම්භ කිරීමට සියලු කටයුතු මේ වනවිට සුදානම් කර තිබෙනවා. ශ්‍රී ලංකා ක්‍රිකට් පළාත් තරඟාවලිය වෙනුවට මේ වසරේ සිට නැෂනල් සුපර් ලීග් නමින් එක්දින, සිව්දින හා T20 තරඟාවලි පැවැත්වීමට ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය කටයුතු සැළසුම් කර ඇත්තේ. ඒ අනුව එහි පළමු තරඟාවලිය කණ්ඩායම් කේන්ද්‍රන්කර ගනිමින් පැවැත්වෙනවා.බස්නාහිර , මධ්‍යම , දකුණ , උතුරුමැද හා උතුර යන පළාත් නියෝජනය කරමින් කණ්ඩායම් 5 ක් මෙම එක්දින තරගාවලිය ක්‍රීඩා කිරීමට නියමිතයි.

එක් කණ්ඩායමකට ක්‍රීඩකයින් 20 බැගින් ක්‍රීඩකයින් 100 දෙනෙකු මෙම තරගාවලියට සහභාගි වනවා. මේ සදහා ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය සමග දැනටමත් ගිවිසුම් ගතවු ක්‍රීඩකයින් 80 කට ආසන්න ක්‍රීඩකයින් සංඛ්‍යාවක් තෝරා ගැනෙනවා.

මීට අමතරව සෙසු ක්‍රීඩකයින් 20 දෙනා පළමු පෙළ තරගාවලියට ක්‍රීඩාකළ කණ්ඩායම් 26 න් තෝරා ගැනීමට නියමිතයි. මාසයක් ඇතුළත මෙම නැෂනල් සුපර් ලීග් එක්දින තරඟාවලිය අවසන් කිරීමට නියමිත බවයි වාර්ථා වෙන්නේ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *