ජාතික කණ්ඩායමේ තාවකාලික පුහුණුකරු ලෙස රුමේෂ් රත්නායක පත්කෙරේ

Sports News

සිම්බාබ්වේ සමග පැවැත්වෙන තරගාවලියට පෙර ශ්‍රී ලංකා කණ්ඩායමේ තාවකාලික පුහුණුකරු ලෙස හිටපු වේග පන්දු යවන ක්‍රීඩක රුමේෂ් රත්නායක නම් කර ඇති බව ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය අඟහරුවාදා ප්‍රකාශ කළේය.

1982 සිට 1993 දක්වා කාලය තුළ ටෙස්ට් තරග 23කට සහ එක්දින තරග 70කට ක්‍රීඩා කර ඇති 58 හැවිරිදි රත්නායක මේ වන විට වේග පන්දු පුහුණුකරුවෙකු ලෙස සේවය කරයි. ඔහු පසුගිය වසරේ නොවැම්බර් මාසයේදී එම තනතුරෙන් ඉවත් වූ මිකී ආතර්ගේන් හිස්වූ පුහුණුකරු ධූරය මෙහෙයවනු ලබයි.

ශ්‍රී ලංකා ජාතික කණ්ඩායමේ උපදේශක පුහුණුකරු ලෙස කටයුතු කරන හිටපු නායක මහේල ජයවර්ධන ICC 19න් පහළ පිරිමි ක්‍රිකට් ලෝක කුසලාන තරගාවලියට සහභාගි වීම සඳහා දැනටමත් කැරිබියන් දූපත්වලට ගොස් සිටින වයස අවුරුදු 19න් පහළ කණ්ඩායම සමග එක්වීම සඳහා ජනවාරි 9 වැනිදා බටහිර ඉන්දීය කොදෙව් දූපත් බලා පිටත්ව යාමට නියමිත බවයි වාර්ථා වන්නේ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *