පොදු රාජ්‍ය මණ්ඩල තරග වරම් සොයා කාන්තා ක්‍රිකට් පිල 9 දා මැලේසියාවට

Sports News

ශ්‍රී ලංකා කාන්තා ක්‍රිකට් පිල මේ දිනවල පොදු රාජ්‍ය මණ්ඩලීය ක්‍රීඩා උලෙළේ කාන්තා විස්සයි විස්ස ක්‍රිකට් තරගාවලිය සඳහා මැලේසියාවේ පැවැත්වෙන සුදුසුකම් ලැබීමේ තරගාවලියට සූදානම් වෙමින් සිටින අතර, හෂාන් තිලකරත්න නිරෝධායනයේ පසු වන බැවින් එම පුහුණුවීම් පිතිහරඹ පුහුණුකරු ලංකා ද සිල්වා මහතා යටතේ සිදු කෙරේ.

කාන්තා ක්‍රිකට් පිලේ පුහුණු කාර්ය මණ්ඩලයේ සාමාජිකයන් සහ ක්‍රීඩිකාවන් පෙරේදා පීසීආර් පරීක්ෂණයකට පෙනී සිටි අතර, සියලු පරීක්ෂණ ඍණ ප්‍රතිඵල පෙන්නුම් කර ඇත. නිරෝධායනය වෙමින් සිටියද ක්‍රීඩිකාවන් සමඟ නිරතුරුවම දුරකතන හා වීඩියෝ තාක්ෂණය ඔස්සේ සාකච්ඡා කරමින් එම තරගාවලියට කණ්ඩායම සූදානම් කරමින් සිටින බව ද ඔහු පැවසීය.

අද (5) සහ අනිද්දා (7) කාන්තා ක්‍රිකට් පිල දෙකට බෙදී පුහුණු තරග දෙකකට ක්‍රීඩා කිරීමට නියමිත අතර, ලබන 9 වැනිදා මැලේසියාව බලා පිටත් වීමට පෙර ක්‍රීඩිකාවන්ගේ දස්කම් මුවහත් කිරීමට අවශ්‍ය පසුබිම සකස් කරන බව ද හෂාන් සඳහන් කළේය.

පොදු රාජ්‍ය මණ්ඩලීය සුදුසුකම් ලැබීමේ තරගාවලියට ක්‍රීඩා කරන ශ්‍රී ලංකා පිල මෙසේය.

චමරී අතපත්තු (නායිකාව), හර්සිතා මාධවී (උපනායිකා), ඉනෝකා රණවීර, නිලක්ෂි ද සිල්වා, හසිනි පෙරේරා, සුගන්ධිකා කුමාරි, ඕෂධී රණසිංහ, අමා කාංචනා, උදේශිකා ප්‍රබෝධනී, අචිනි කුලසූරිය, අනුෂ්කා සංජීවනී, කවීෂා දිල්හාරි, තාරිකා සෙව්වන්දි, ප්‍රසාදිනි වීරක්කොඩි, විශ්මි රාජපක්ෂ, සචිනි නිසංසලා.

අතිරේක ක්‍රීඩිකාවෝ – ඉමේෂා දුලානි, සත්‍යා සංදීපනී, මධුෂිකා මෙත්තානන්ද, කාව්‍යා කාවින්දි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *