LPL හි හොඳින් දස්කම් දැක්වූ නිසා IPL ගිවිසුම් ලබා ගත හැකි ක්‍රීඩකයින් 5 දෙනෙක්

Sports News

ඉන්දීය ප්‍රිමියර් ලීග් 2022 වෙන්දේසිය පෙබරවාරි මාසයේදී පැවැත්වීමට නියමිතයි. මෙගා වෙන්දේසියට පෙර ලොව පුරා T20 ලීග් කිහිපයක් පැවැත්වූ අතර අබුඩාබි T10 ලීගයට පසුව, ලංකා ප්‍රිමියර් ලීගය පසුගියදා පවත්වන ලද අතර, ලෝක ක්‍රිකට් ක්‍රීඩාවේ දැවැන්තයින් කිහිප දෙනෙකුම එහි නියෝජනය කළේය.

ජැෆ්නා කිංග්ස් කණ්ඩායම LPL 2021 ජයග්‍රාහකයින් ලෙස කිරුලු පැලදීමට සමත්විය. ඔවුන් අවසන් මහා තරගයේදී ගාලු ග්ලැඩියේටර්ස් කණ්ඩායම පරදවා ශූරතාව අත්කර ගැනීමට සමත් විය. දඹුල්ල ජයන්ට්ස් තුන්වන ස්ථානයට පත් වූ අතර කලම්බු ස්ටාර්ස් සිව්වන ස්ථානයට පත්විය. පෙර සඳහන් කළ පරිදි, LPL 2021 සඳහා ක්‍රීඩකයින් කිහිප දෙනෙකු සහභාගී වූ අතර, ඔවුන්ගෙන් සමහරක් සුවිශේෂී දස්කම් දැක්වූහ. ලංකා ප්‍රිමියර් ලීග් තරඟාවලියේදී ඔවුන් දැක්වූ දස්කම් හේතුවෙන් මෙම ක්‍රීඩකයින් පස්දෙනාට IPL ගිවිසුමක් ලබාගැනීමේ හැකියාව ඉහළ මට්ටමක පවතී.

LPL 2021 හි හොඳින් දස්කම් දැක්වූ නිසා IPL ගිවිසුම් ලබා ගත හැකි ක්‍රීඩකයින් 5 දෙනා මෙසේ පෙළගැස්විය හැක එනම් යොවුන් ආරම්භක පිතිකරු අවිශ්ක ප්‍රනාන්දු තුන් ඉරියව් ක්‍රිඩක වනිඳු හසරංග, දඟ පන්දු යවන ක්‍රිඩක මහීෂ් තීක්ෂන, ජේඩන් සීල්ස් සහ ෆිල් සෝල්ට් යන ක්‍රිඩකයින් ය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *