IPL 2022 වෙන්දේසියේ දී වනිඳු හසරංග ඉලක්ක කරන කණ්ඩායම් 3ක්

Sports News

ශ්‍රී ලංකා දක්ෂ තුන්ඉරියව් ක්‍රිඩක වනිඳු හසරංග 2021 වසරේ IPL තරඟාවලියේ මැද භාගයේ මංගල තරඟය ආරම්භ කළ අතර දඟ පන්දු යවන්නා රෝයල් චැලෙන්ජර්ස් බැංගලෝර් කණ්ඩායම වෙනුවෙන් ක්‍රීඩා කළේ තරඟ දෙකක් පමණක් වන අතර, ඇත්ත වශයෙන්ම ඔහුට එහිදී සුපුරුදු රිද්මයට පැමිණිම නොහැකි විය. IPL 2022 වෙන්දේසියට පෙර මෙම දඟ පන්දු යවන්නා සිය කණ්ඩායමට ලබා ගැනිමට බලාපොරොත්තුවෙන් සිටින කණ්ඩායම තුන මෙසේ පෙළගැස්විය හැක.

#1. රාජස්ථාන් රෝයල්ස් කණ්ඩායම IPL 2022 වෙන්දේසියේදී හසරංග මිලදි ගැනිමට සුදානමක් ඇත.

දක්ෂ දඟ පන්දු යවන්නෙකු තම කණ්ඩායමට එක්කර ගැනීමට හැකි එක් කණ්ඩායමක් වන්නේ රාජස්ථාන් රෝයල්ස් කණ්ඩායමයි. රෝයල් චැලෙන්ජර්ස් කණ්ඩායම ඔහුව රාහුල් තේවාටියා හෝ රියාන් පැරග් වෙනුවට සුදුසු ආදේශකයක් ලෙස තෝරා ගත හැකි අතර ඔහුගේ දක්ෂතා නිසා බොහෝ දුරට ඔහුව රාජස්ථාන් රෝයල්ස් කණ්ඩායම මිලට ගනු ඇත.

#2. පන්ජාබ් කිංග්ස් කණ්ඩායම.

පන්ජාබ් කිංග්ස් යනු එක් දග පන්දුයවන්නෙක් පමණක් රඳවා තබා ගැනීමෙන් පසුව ඔවුන්ගේ දඟ පන්දු ප්‍රහාරය ශක්තිමත් කිරීමට අපේක්ෂා කරන කණ්ඩායම් වලින් එකකි. IPL 2022 වෙන්දේසියේදී හසරංග වැනි කෙනෙකුව ගිවිසුම්ගත කිරීමට ඔහුගේ දක්ෂ පිතිකරණය සහ ඔහුගේ පන්දු යැවීම හේතුවෙන් පන්ජාබ් කණ්ඩායම ඔහු කණ්ඩායමට එක්කර ගැනිමට අපේක්ෂා කරනු ඇත.

#3. සන්රයිසස් හයිද්‍රාබාද් කණ්ඩායම.

සන්රයිසස් හයිද්‍රාබාද් කණ්ඩායම හසරංගගේ සේවය ලබාගැනීමට උනන්දුවෙන් සිටින තවත් කණ්ඩායමක් වේ. මුත්තයියා මුරලිදරන් උපාය මාර්ග සහ දඟ පන්දු යැවීමේ පුහුණුකරු ලෙස දිගටම සේවය කිරීමත් සමඟ, IPL 2022 වෙන්දේසියේදී වනිඳු හසරංගව තම කණ්ඩායමට එක්කර ගැනිමට වැඩි උනන්දුවක් දක්වයි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *