ශ්‍රී ලංකා එක්දින තරගාවලිය සඳහා වන සිම්බාබ්වේ සංචිතය නම් කරයි

Sports News

සිම්බාබ්වේ කණ්ඩායමේ ප්‍රවීණ පිතිකරු ක්‍රේග් අර්වින් තරග තුනකින් යුත් එක්දින ජාත්‍යන්තර ක්‍රිකට් තරගාවලියේ සිම්බාබ්වේ කණ්ඩායමේ නායකයා ලෙස කටයුතු කරනු ඇත. ICC පිරිමි ක්‍රිකට් ලෝක කුසලාන සුපර් ලීගයේ කොටසක් ලෙස පැවැත්වීමට නියමිත මෙම තරගාවලිය 2022 ජනවාරි 16, 18 සහ 21 යන දිනයන්හිදී මහනුවර පල්ලෙකැලේ ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයේදී දිවා රාත්‍රී තරග පැවැත්වීමට නියමිතයි.

ශ්‍රී ලංකා එක්දින තරගාවලිය සඳහා වන සිම්බාබ්වේ සංචිතය පහත පරිදි පෙළගැස්විය හැක.

පසුගිය වසරේ අගෝස්තු සැප්තැම්බර් මාසවල අයර්ලන්ත සහ ස්කොට්ලන්තයේ පැවති සීමිත ඕවර සංචාරය සඳහා කණ්ඩායමේ නායකත්වය දැරීමෙන් පසු නැවත වරක් සිම්බාබ්වේ කණ්ඩායමේ නායකත්වයේ වගකීම අර්වින්ට පවරා ඇත. ශ්‍රී ලංකාවේදී, ඔහු 15 දෙනෙකුගෙන් යුත් සංචිතයකට නායකත්වය දෙනු ඇති අතර එයට ආරම්භක පිතිකරු ටකුඩ්ස්වානාෂේ කයිටානෝ සහ කඩුලු රකින්නා වන ක්ලයිව් මැඩන්ඩේ ඇතුළත් වන අතර තුන් ඉරියව් ක්‍රීඩක ටිනෝ මුටොම්බොඩ්සි නැවත සිම්බාබ්වේ ජාතික කණ්ඩායමට පැමිණ තිබේ.

 

Leave a Reply

Your email address will not be published. Required fields are marked *