2014 විස්සයි විස්ස ක්‍රිකට් ලෝක කුසලානයේ අමතක නොවන ඡායාරූප 5ක් මෙන්න

Sports News

පැවති ජාත්‍යන්තර විස්සයි විස්ස ලෝක කුසලාන තරඟවල අනුශූරයන් බවට ශ්‍රී ලංකා කණ්ඩායම කිහිප වරක්ම පත්විය. නමුත් 2014 වර්ෂයේදී පැවති ජාත්‍යන්තර විස්සයි විස්ස ලෝක කුසලානය සදහා ලසිත් මාලිංග, අජන්ත මෙන්ඩිස් සහ රංගන හේරත්ගෙන් සැදුම්ලත් ප්‍රබල පන්දු යවන්නන් ප්‍රතිවාදී පිතිකරුවන්ට හිසරදයක් වෙමින් 2014 විස්සයි විස්ස ලෝක ශූරයින් බවට පත්විය.

ශ්‍රී ලංකා කණ්ඩායම නෙදර්ලන්තය සමඟින් පැවති තරගයේදී ඕවර 10.3 කදී ලකුණු 39 කට සියලුම කඩුලු දවා ගැනිමට සමත්විය. එය T20 ලෝක කුසලානයක අඩුම ලකුණු සංඛ්‍යාව වේ. ඉන් අනතුරුව නවසීලන්තය සමඟ පැවති තරගයේදී රංගන හේරත්ගේ 5/3 විශිෂ්ට පන්දුයැවිම හේතුවෙන් ලකුණු 120 ක හඹා යාමකදී නවසීලන්ත කණ්ඩායම ලකුණු 60 කට සියලුම කඩුලු දැවී ගියේය.

අවසන් මහා තරගයේදී ඉන්දියානු කණ්ඩායම ලකුණු 130/4 සීමා කිරිමට ශ්‍රී ලංකා කණ්ඩායමට හැකිවිය. එම තරගයේදී විරාත් කෝලි.පන්දු 58කින් ලකුණු 77 ක් ලබාගැනීමට සමත්විය. පිළිතුරු ඉනිම ක්‍රිඩා කල ශ්‍රි ලංකා කණ්ඩායම පහසුවෙන් එම ලකුණු ප්‍රමාණය ලබාගැනීමට සමත්විය. කුමාර් සංගක්කාර නොදැවී අර්ධ ශතකයක් ලබා ගනිමින්, තිසර පෙරේරා හයේ පාරකින් තරඟය අවසන් කරමින් ශ්‍රී ලංකා කණ්ඩායම ලෝක ශූරයින් බවට පත්විය.

1. තිසර පෙරේරා හයේ පාරකින් තරඟය අවසන් කිරීම.

2. ශ්‍රී ලංකා කණ්ඩායම විසින් නෙදර්ලන්තය ලකුණු 39 කට සිමා කිරිම.

3. රංගන හේරත්ගේ 5/3 නවසීලන්තයට එරෙහිව විශිෂ්ට පන්දුයැවිම.

4. අවසන් මහා තරඟයේ කුමාර් සන්ගක්කාරගේ අර්ධ ශතකය.

5. කුමාර් සන්ගක්කාරගේ හා මහේල ජයවර්ධනගේ අවසන් විස්සයි විස්ස ලෝක කුසලානය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *