තරඟයෙන් තරඟය සැලසුම් කරලා ලෝක කුසලානයේ ඉදිරියට යන එක තමයි අපේ සැලසුම

Sports News

ICC 19න් පහළ ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලිය ජනවාරි 14 වැනිදා සිට පෙබරවාරි 5 වැනිදා දක්වා බටහිර ඉන්දීය කොදෙව් දූපත් හිදී පැවැත්වීමට නියමිතයි. ලෝක කුසලානය සඳහා සහභාගී වී සිටින ශ්‍රී ලංකා 19න් පහළ කණ්ඩායමේ සූදානම ගැන කණ්ඩායම් පුහුණුකරු අවිශ්ක ගුණවර්ධන මහතා මෙසේ සිය අදහස් ප්‍රකාශ කළේය.

මේ වනවිට අපි කණ්ඩායමක් වශයෙන් හොඳ මානසික මට්ටමක ඉන්නවා මාස හතරක් ඇතුළත අපි සෙල්ලම් කරපු තරඟ 14 න් 11ක් අපි ජයග්‍රහණය කරා. අපි එළඹෙන ලෝක කුසලානය මුහුණදීමට හොදින් සුදානම්. අපි පසුගිය ආසියානු කුසලානයේ පකිස්ථානය වැනි ප්‍රබල කණ්ඩායම් පරාජය කරමින් අවසන් පූර්ව වටයට පැමිණියා.

ලෝක කුසලානයේ අපේ පළමු තරඟය එළඹෙන 14 වැනිදා පැවැත්වීමට නියමිතයි තරඟයට පෙර අපි පුහුණුවීම් සැසි දෙකක් සෙල්ලම් කරනවා අපි බලාපොරොත්තු වෙන්නේ තරඟයෙන් තරඟයට කණ්ඩායමක් වශයෙන් ඉදිරියට යෑමට යනුවෙන් ශ්‍රී ලංකා 19න් පහළ කණ්ඩායමේ ප්‍රධාන පුහුණුකරු අවිශ්ක ගුණවර්ධන මහතා ප්‍රකාශ කළේය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *