සිම්බාබ්වේ තරඟයට ප්‍රබල ක්‍රීඩකයින් දෙදෙනෙක් හදිසියේ අහිමි වෙයි

Sports News

ICC පිරිමි ක්‍රිකට් ලෝක කුසලාන සුපර් ලීගයේ කොටසක් ලෙස පැවැත්වීමට නියමිත මෙම තරගාවලිය 2022 ජනවාරි 16, 18 සහ 21 යන දිනයන්හිදී මහනුවර පල්ලෙකැලේ ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයේදී දිවා රාත්‍රී තරග පැවැත්වීමට නියමිතයි.

එළඹෙන ශ්‍රී ලංකා සිම්බාබ්වේ එක්දින ජාත්‍යන්තර තරගාවලිය සඳහා ශ්‍රී ලංකා කණ්ඩායමේ ප්‍රබල ක්‍රීඩකයින් දෙදෙනෙක් සහභාගී නොවන බව වාර්තා වෙයි එනම් අවිශ්ක ප්‍රනාන්දු ට කොවිඩ් වැලඳී ඇති බව මාධ්‍ය වාර්තා සඳහන් කරයි. මේ අතර වනිඳු හසරංග ද ආබාධයකට ලක්වී ඇති බව සඳහන් වෙයි.

තරග තුනකින් සමන්විත ශ්‍රී ලංකා සිම්බාබ්වේ තරග සංචාරය සඳහා එක්වන ශ්‍රී ලංකා සංචිතය අද දිනයේ දී නිල වශයෙන් ප්‍රකාශ කිරීමට නියමිත අතර එම ක්‍රීඩකයින් හෙට (10) දිනයේ සිට ජෛව ආරක්ෂිත බුබුලට ඇතුලත් වීමට නියමිත බවයි වාර්ථා වෙන්නේ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *