ශ්‍රී ලංකාව නැවතත් ICC ලෝක ටෙස්ට් ශුරතාවලියේ පෙරමුණට

Sports News

ICC ලෝක ටෙස්ට් ශූරතාවලිය 2021-23 යටතේ තරඟ වැදුනු අළුබඳුන තරගාවලිය ජය ගැනීමෙන් පසු ඔස්ට්‍රේලියාව ICC ලෝක ටෙස්ට් ශූරතාවලියේ 2021-23 ප්‍රසාද ලකුණු සටහනේ පළමු ස්ථානය ලබා ගැනීමට සමත් විය. ශ්‍රී ලංකාව මේ වන විට ටෙස්ට් තරග 2කට ක්‍රීඩා කර එම තරග දෙකම ජයගෙන තිබේ. ශ්‍රී ලංකාව 2021 නොවැම්බර් මාසයේදී පැවති තරඟ දෙකකින් යුත් ටෙස්ට් තරඟාවලියක තරඟ දෙකේදීම බටහිර ඉන්දීය කොදෙව්වන් පරාජය කරන ලදී. තරඟ 2 කදී ජයග්‍රහණ 2 ක් සමඟින්, ශ්‍රී ලංකාව ද ඕස්ට්‍රේලියානුවන් මෙන් 100% ක PCT අගයක් වාර්ථා කරයි.

එමෙන්ම නවතම ලෝක ටෙස්ට් ශූරතාවලියේ ප්‍රසාද ලකුණු සටහන අනුව ශ්‍රී ලංකා ටෙස්ට් ක්‍රිකට් කණ්ඩායම ලෝක ටෙස්ට් ශූරතාවලියේ යළි පෙරමුණ ගැනීමට සමත් වුනා. ඒ පසුගිය දා පැවති ඕස්ට්‍රේලියාව හා එංගලන්තය අතර ටෙස්ට් තරගය ජය පරාජයෙන් අවසන්වීම නිසයි. මෙම තරගය ජය පරාජයෙන් තොරව අවසන්වීමත් සමග ඕස්ට්‍රේලියානු කණ්ඩායමේ ජයග්‍රාහි ප්‍රතිශතය 100% සිට 83.33% දක්වා අඩුවිය එම හේතුවෙන් ඕස්ට්‍රේලියානු කණ්ඩායම ශේණිගත කිරිම් අනුව දෙවන ස්ථානයට පත්ව ඇත. එමෙන්ම ශ්‍රී ලංකා කණ්ඩායම ලෝක ටෙස්ට් ශූරතාවලියේ ශේණිගත කිරිම්වල පෙරමුණේ පසුවෙයි.

මෙම සටහනේ ජයග්‍රාහී ප්‍රතිශතය 75% ක් රඳවාගෙන සිටින පාකිස්තානු පිල තෙවැනි ස්ථානයේ පසුවෙයි. ඉන්දියාව සිව්වැනි ස්ථානයේ රැඳෙද්දී දකුණු අප්‍රිකාව, බංග්ලාදේශය සහ බටහිර ඉන්දීය කොදෙව් පිළිවෙලින් පස්වැනි, හයවැනි සහ හත්වැනි ස්ථාන වල රැඳී සිටිති. ඉකුත් වර ටෙස්ට් ලෝක ශූරයින් බවට පත් වුණු නවසීලන්ත කණ්ඩායම නවසීලන්ත පිල හමුවේ ලද පරාජයත් සමඟ 8 වැනි ස්ථානයේදී එංගලලන්ත පිල 9 වැනි ස්ථානයේදී පසුවෙයි.

 

Leave a Reply

Your email address will not be published. Required fields are marked *