දක්ශ තුන් ඉරියව් ක්‍රීඩක වනිදු හසරන්ග ගැන විස්තරයක්

Sports News

1997 ජූලි 29 වන දින ගාල්ලේදී උපත ලැබූ වනිදු හසරන්ගගේ සම්පූර්ණ නම වන්නේ පින්නදූවගේ වනිදු හසරන්ග ද සිල්වා වේ. ගාල්ල රිචමන්ඩ් විදුහලෙන් සිප්සතර හැදෑරූ වනිදු පාසල් කාලයේ පටන්ම ක්‍රිකට් ක්‍රීඩාවට දස්කම් පෑ අයෙකි. 2016 වසරේ 19 න් පහල ලෝක කුසලානයට සහබාගී වූ වනිදු සිය මන්ගල පලමු පෙල තරගයට සහබාගි වන්නේ වයස අවුරුදු 18 දීය. ඒ 2015 වසරේදීය. අන්තර්සමාජ පිටියේ සුවිශේශී දස්කම් දක්වන වනිදු 2017 වසරේ විශ්වාසවන්තම අන්තර්සමාජ ක්‍රීඩකයා ලෙස සම්මාන දිනාගත්හ.

2017 වසරේදී සිම්බාබ්වේ කණ්ඩායමට එරෙහිව එක්දින ජාත්‍යන්තර වරම් හිමිකරගන්නා වනිදු එම තරගයේදීම කඩුලු ත්‍රිත්වයක් ලබාගනිමින් , මන්ගල තරගයේදීම කඩුලු ත්‍රිත්වයක් ලබාගත් ලොව ලාබාලම ක්‍රීඩකයා බවට පත්වන්නට වනිදු සමත්විය. ඉන්පසුව කණ්ඩායමෙන් කාලයක් ඉවත්ව සිටියත් පසුව කණ්ඩායමට පැමිණ අද වන විට කණ්ඩායමට නැතුවම බැරි ක්‍රීඩකයෙකු බවට පත්වන්නට වනිදු සමත්ව ඇත.

පිත්තෙන් , පන්දුවෙන් පමණක් නොව පන්දු රැකීමෙන්ද දස්කම් පාන වනිදු , ලන්කාවේ සිටින දක්ශතම පන්දු රකින්නෙකු ලෙසද වාර්තා වේ. ක්‍රිකට් වීමෙන් අතිශය කැපවීමක් කරන වනිදු , අතිශය කැපවීමකින් පුහුණු වීම් වල නිරත වන ක්‍රීඩකයෙකි. අද වන විට මැදපෙල පිතිකරුවෙකු ලෙස දස්කම් පාන්නටද වනිදු සමත්ව ඇත. 41 ක පලමු පෙල පිතිකරණ සාමාන්‍යකට හිමිකම් කියන වනිදු එහිදී ශතක 3 ක්ද වාර්තා කර ඇත.

ඉතාම ලාබාල වියේදීම තුන් ඉරියව්වෙන්ම කැපී පෙනෙන දස්කම් දක්වමින් ලෝකයම කතාවෙන ක්‍රීඩකයෙකු බවට පත්වන්නට වනිදු සමත්ව ඇත. එමෙන්ම අනෙක් කාරණය වන්නේ වනිදුගේ පන්දු යැවීමට අනෙක් කණ්ඩායම් වල ක්‍රීඩකයින් ආරක්ශාකාරී ලෙස පිතිකරනයේ යෙදෙන ආකරයක් දැකගන්නට ලැබෙන අතර , ඔවුන් කෙසේ හෝ බලන්නේ වනිදු හට කඩුලු ලබා නොදී සිටීමටයි. ඒ තරමටම ඔහු තරග වෙනස්කරන පන්දු යවන්නෙකු බවට පත්ව ඇත.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *