භානුක රාජපක්ෂ විශ්‍රාම ලිපිය ඉල්ලා අස්කර ගනී

Sports News

ක්‍රීඩා අමාත්‍ය නාමල් රාජපක්ෂ සහ ජාතික තේරීම් කමිටු නිලධාරීන් සමඟ සාකච්ඡා කිරීමෙන් පසු භානුක රාජපක්ෂ ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයට දන්වා ඇත්තේ ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයට ඉදිරිපත් කළ ඉල්ලා අස්වීම වහාම ක්‍රියාත්මක වන පරිදි ඉල්ලා අස්කර ගැනීමට තමන් කැමති බවයි. තම ඉල්ලා අස්වීම ඉල්ලා අස්කර ගනිමින් ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයට යවන ලද ලිපියේ ඔහු වැඩිදුරටත් සඳහන් කරන්නේ ඉදිරි වසරවලදී තමන් ආදරය කරන ක්‍රීඩාව වෙනුවෙන් තම රට නියෝජනය කිරීමට බලාපොරොත්තු වන බවයි.

පවුල් ජීවිතයට මුල් තැනදීමට අවශ්‍ය නිසා ක්‍රිකට් පිටියට සමුදෙන බව සඳහන් කරමින් ජනවාරි මස 03 වැනි දින භානුක විසින් ශ්‍රී ලංකා ක්‍රිකට් වෙත ලිඛිතව දන්වා තිබුණි. එම දැනුම් දීමෙන් පසු ක්‍රීඩා අමාත්‍ය නාමල් රාජපක්ෂ මහතාද හදිසි තීරණය ගැන නැවත සලකා බලන මෙන් ප්‍රසිද්ධියේම ඉල්ලීමක් සිදු කිරීමෙන් පසුව ක්‍රීඩා අමාත්‍යවරයා සහ භානුක රාජපක්ෂ අතර සාකච්ඡාවක් පැවැත්විණ.

පැවති සාකච්ඡාවල ප්‍රතිශතයක් වශයෙන් භානුක රාජපක්ෂ ඉදිරියටත් ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායම සමඟ රැදී සිටින බව ප්‍රකාශ කර ඇත. භානුක රාජපක්ෂ පැවති විස්සයි විස්ස ලෝක කුසලාන තරගාවලිය තුලත්, ලංකා ප්‍රිමියර් ලීග් තරගාවලියේ සිය කණ්ඩායමට උපරිම දායකත්වය ලබා දුන්නේය. ඔහු ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ සිටිය යුතු ප්‍රහාරාත්මක පිතිකරුවෙකි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *