ලෙජන්ඩ්ස් ලීග් ක්‍රිකට්වලට ලංකාවෙන් සුපිරි 7ක්

Sports News

ඕමානයේ දී ජනවාරි 20 වනදා ඇරඹෙන ලෙජන්ඩ්ස් ලීග් ක්‍රිකට් තරගාවලිය සඳහා හිටපු ශ්‍රී ලංකා ක්‍රීඩකයින් 7 දෙනෙක් ක්‍රීඩා කිරීමට නියමිත බව වාර්තා වෙයි. සනත් ජයසූරිය, රොමේෂ් කලුවිතාරණ, මුත්තයියා මුරලිදරන්, චමින්ද වාස්, තිලකරත්න ඩිල්ශාන්, උපුල් තරංග සහ නුවන් කුලසේකර එම ක්‍රීඩකයින් ය. ඔවුන් Asia Lions කණ්ඩායම වෙනුවෙන් ක්‍රීඩා කරයි.

මෙම තරගාවලියේදී කණ්ඩායම් තුනක් තරග වැදීමට නියමිතය. Asia Lions, India Maharajas සහ World Giants එම කණ්ඩායම් වෙයි. මූලික වටයේදී සෑම කණ්ඩායමක් ම තරග 3 බැගින් තරග වැදීමට නියමිත අතර අවසාන තරගය ජනවාරි 29 වනදා පැවැත්වෙයි.

ඔස්ට්‍රේලියාව, එංගලන්තය, නවසීලන්තය, බටහිර ඉන්දීය කොදෙව්, දකුණු අප්‍රිකාව, අයර්ලන්තය සහ සිම්බාබ්වේ හිටපු ක්‍රීඩකයින් World Giants කණ්ඩායමට ඇතුළත් ය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *